Monday 4th of May 2026

English Tamil
Advertiesment


අනුර ඉන්දියා යාම සහ බණ්ඩා කොළඔ යාම


2024-12-23 14899

 

තඔුත්තේගම නත්තල් පප්පාගේ තෑගි මල්ල

 

බදු කැපීම ගෝඨා NO-02  ද..?

 

අගමැතිනි හරිනි ගැන චීනයටත් නැති රැදාවක් හැදුනු සමාජ මාධ්‍ය මාෆියාව

 

වෙනස් කළ නොහැකි බව කී IMF ගිවිසුමට මාළිමාවෙන් ගේමක්

 

ඉන්දියා ගමන ගැන වචනයක් නොකීම

 

විපක්ෂයට කෂේරුකාවක් ඔිනෑකර තිබේ

 

වඳුරු හමුදාවේ උත්තමාචාරය

 

ඉන්දියානු ව්‍යාප්ත වාදය සහ ඉන්දු-ලංකා ගිවිසුම ගිණි තැබීම

 

කෝච්චියේ බඩු විකිණු නායකයන්ගේ හමුව

 

කපටි නරියා ඉන්දියාවේ දී මයික් ටයිසන්වීම

 

චූන්වීම සහ නරි නිවේදනය

 

තල්මසා සහ හාල්මැස්සා පොලිටික්ස්

 

හිටපු ජනපතිලාට වැඩේ දීම

 

 
(අශෝක ජයතුංග)

 

ජනපති අනුර පළමු නිළ ගමන ඉන්දියාවට යාම ගැන සමහරු කියන්නේ "බණ්ඩා කොළඔ ගිය" ගානට සිල්ලරට ය. එවැනි තීරණාත්මක සංචාරයක් පුළුල්ව බැලීම අත්‍යවශ්‍ය ය. අශ්වයා චූ කිරීම, අතට අත නොදී සැලියුට් ගැසීම ගැන විරුද්ධවාදීන්ගේ කතා මෙන්ම පක්ෂග්‍රාහී පිරිස් කෝච්චියේ තේ හා ටොපි අලෙවි කළ නායකයන්ගේ කරට අත දාගැනීම ආශ්චර්යක් බව කීවෝය. ඒ දෙපිරිසටම මඃඥං ය. මෙය ඊට වඩා පුළුල් මනසකින් තේරුම් බේරුම් කරගැනීම අවැසිය.

රාජපක්ෂ හා රනිල්ලා රට ඉන්දියාවට පාවා දෙන බව ජවිපෙ එදා කීවේය. ලංකාවේ ස්වෛරීත්වය හා අභිමානය රැකගෙන ඉන්දියාව සමග කටයුතු කළයුතු බව අනුරලා ගේ මතය විය.  මෙම ගමනේදී එම ස්ථාවර කෙතෙක් දුරට ජනපති ලෙස රැකගත්තාද හා රැකගත හැකි ද යන්න සාධාරණව විග්‍රහ කර ගැනීම විනා පටු තැනින් අල්ලා ප්‍රහාරදීම ළදරු වයසේ ආණ්ඩුවට මෙන්ම රටට ද කරනා අවැඩකි. ගෝලීය දේශපාලනය තුළ තමන්ට ඔින දේම කල නොහැකිය යන්නට මාළිමාවට ජාත්‍යන්තරය තුළ ලැබුණු පළමු අත්දැකීම ඉන්දියාවේදී ලැබෙන්නට ඇත.

ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පංති තබමින්, ඉන්දු - ලංකා ගිවිසුම ගිණි තබමින්, ඉන්දියානු වදුරු හමුදාවේ ලංකා ආක්‍රමණ ගැන අරගල කොට රජීව් ගාන්ධි ට පහර දෙන්නට හා එරට සමඟ ආර්ථික කටයුතු වලට ද එරෙහිව ද ජවිපෙ ක්‍රියාකළේය . පසුව පරිනාමය වූ එවන් පිරිසක වත්මන් නායකයා එම වඳුරු හමුදාවේ උත්තමාචාර ලැබීම ගැන දැන් එම කාඩර්වරු කවි ගී ගැයීම  විනෝද ජනක සරදමකි. විපක්ෂයේ සිට හිතෙන හිතෙන දේ කීමට වඩා යථාර්තවාදීව කතා කළයුතු බව රටට පසක් කළ පිරිස ජවිපෙ හා මාළිමාවය.
 
කපටි නරියා රනිල් ද ඉන්දියාවේ ගොස් මයික් ටයිසන් වී කරටි කැඩෙන කතා කීවේය. අනුර ආවිට අප ඉන්දියාව සමග එකඟවූ දේවල්  ඔහු ලවා ද ඉටුකරවා ගතයුතු බව ඔහු කියා තිබිණ. එය මාළිමාව හිරකරන කුප්ප කතාවක් බව පෙනුන ද එම ඉන්දියානු හා ජාත්‍යන්තර භූ දේශපාලන ගැට වලින් බේරීම අනුර ට තබා ඩී. ඇස්. ගෙ බාප්පාටත් බැරිය. එවැනි වටපිටාවක මාළිමාව ගොං අදීනත්වයකින් ක්‍රියා කරනවා නම් ලංකාව උතුරු කොරියාවක් හෝ කියුබාවක් ලෙස  විතැන්වී රුසියා හා චීන පදයට නටා ඔවුන්ගේ හිගමනින් ජීවත් විය හැකි මළ දේශයක් වනු නියතය. අවලාද ආවද ජනපති අනුර රට එවැනි මළ දේශයක් බවට පත් නොකිරීම අගනේය. නැතහොත් "රට අනුරට නොව අඳුරට" බව ඡන්ද කාළේ එල්ලවූ මඩ ඔවුන් විසින්ම ඔප්පු කලා වේ.

ඉන්දියාවෙන් පැමිණි ජනපති පාර්ලිමේන්තු ආවේ ගමන ගැන කියන්නට යයි බොහෝ අය සිතූහ. ඒ ගැන කෙල පිඩක් නොසැලූ ඔහු "තඔුත්තේගම නත්තල් සීයා" වී තෑගි මල්ලක්ම විසි කළේය. IMF වෙත වක්‍ර බලපෑමක් දුන් හැටි ද ඉන් පසක් වේ. ගෝටා පැමිණි ගමන් රු බිලි 600 ක එනම් වසරකට කෝටි 60,000 ක බදු කපාහැර නාගත්තේය. ගෝටා කප්පම දුන්නේ බිස්නස්කාරයින්ටය.  අනුර දුන්නේ බිස්නස් අය ඇතුළු ජනතාවටය. එය රටේ ඔළුව උඩ පත්තු නොවන ලෙස වගබලාගැනීමට  අනුර තවත් ගෝටා කෙනෙකු වන්නට හේතුවක් නැත. දෙන සහන වෙනත් පැත්තකින් වංගු ගසා උපයා ගැනීමට සිදුවීම වෙනම යථාර්තයකි. ඉන්දියාව සමග කළ එකගතා ගැන ජනපතිගෙන් විමසන්නට හෝ විපක්ෂයට කශේරුවක් ඔිනෑකර තිබිණ.

අනුර ඉන්දියානු  කපොල්ල පැන්නාද නැද්ද හා මුහුණ දුන් අභියෝග ගැන කරුණු කිවයුතුව තිබියදී ඒ ගැන  කතා නොකිරීම ගැටලුවක් වුවද එය ඔහුගේ රැකවරණයට හොඳය.  එළිදුටු දෙරටේ ඒකාබද්ධ නිවේදනය හා ඊට සුබ පතා කපටි නරියාගේ නිවේදනය වක්‍රව කියාපාන්නේ ඔහු චූන්වී ඇති බවය. IMF මෙන්ම ඉන්දියාවේදීත් මගේ ක්‍රමය ඉදිරියට යන බව රනිල් අඟවයි.විපක්ෂයේ ඉදගෙන කියන කතා අනුරට හෝ කිසිවෙකුට ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක කල නොහැකිය. එහෙත් රනිල්ගේ ක්‍රමය ගෙඩි පිටින්ම ගිලින්නට සිදුවූ බව පවතින විග්‍රහය වේ. නමුත් IMF ට දුන් සියුම් ගේම මෙන් මාළිමාව රනිල් - ඉන්දීය වැඩ පිළිවෙළටත් දුන්නා නම් එය ද රටට  කිව හැකිමුත් එසේ නොවූයේ යළිත් අප ඉන්දියාවේ ගොදුරක් වූ නිසාදැයි නොදනිමු

ඉන්දියාවෙන් පසු "ලංකා ගොදුර" දෙස බලා සිටින චීනයට යාම ජනපතිගේ ඊලග අභියෝගය වේ. රටේ අදීන බව රැකගෙන කටයුතු කිරීම නායකයෙකුගේ උත්සාහය වුව ද එය  කිරීමට හැකිද නොහැකිද යන ගැටලුව පවතී. මුහුදේ තල්මසෙකු  නොවී  හාල්මැස්සෙකුවීම අභාග්‍යක් වුවද අභියෝග මැද  රටවල් හැදීම සැබෑ නායකත්වයවනු ඇත. එවැනි නායකයෙකු වන්නට අනුර ට හැකි ද නොහැකිදැයි කීමට කල් මදිය.

අගමැති හරිනිට වචනයක් අතපසුවීම ප්‍රශ්නයක් විය යුත්තේ චීනයටය. එහෙත් චීනයට නැති සුපිරි රුදාවක් ලංකාවේ සමාජ මාධ්‍ය තප්පුලන්නන්ට ඇතිවී එය ජාතික ප්‍රශ්නයක් කරගන්නට දැගලීම ද සුපිරි විහිළුවකි. මහින්ද රනිල් ඇතුළු හිටපු ජනපතිලාගේ ආරක්ෂාවට වසරකට යටකල රු බිලි 1.4 ක මුදල 90%කින් කැපීම  හොදය. මාස 03 කට වරක් එය සමාලෝචනය කිරීම ඊටත් හොදය.

Advertiesment